September 20, 2021

පකිස්තානයෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් මිලියන 74 ක්

පාකිස්තාන රජය වෙනුවෙන් පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා විසින් රුපියල් මිලියන 66 ක සහ මිලියන 8.027 ක චෙක්පත් දෙකක් ගංගාරාම විහාරයේ පැවැති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද සහභාගි විය. මෙම වසරේ පෙබරවාරි මාසයේදී ශී‍්‍ර ලංකා සංචාරයේදී පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 66 ක පරිත්‍යාගයක් කරන බවට කළ ප‍්‍රකාශය පරිදි මෙම රු. මිලියන 66 ක චෙක්පත් භාරදෙන ලදී. තවද, කොවිඞ්-19 සහන ආධාර සඳහා ශී‍්‍ර ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට රු. මිලියන 8.027 ක චෙක්පත්ද භාරදෙන ලදී.

ශී‍්‍ර ලාංකික සිසුන් සඳහා වෛද්‍ය ශිෂ්‍යත්ව 100 ක් ඇතුළුව සියලූම අංශයන්හි සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන ලද අලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව 250 ක් පිළිබඳව මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර සුදුසුකම් ලත් ශී‍්‍ර ලංකා සිසුන්ට මෙම ශිෂ්‍යත්ව ලබාදීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම ස්තුතිය පුද කළේය. මෙම උත්සවයේ මුලසුන දැරූ හා ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට ද කොමසාරිස්වරයා තම ස්තුතිය පුද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *