September 20, 2021

විෂඝෝර සර්පයන් සහ හෙළවෙදකම සමග කාලය ගත කරන කෑගල්ලේ පාසල් දියණිය

උග‍්‍ර විෂ සහිත සහ නොවන ඔනෑම උරගයෙකු ඇල්ලීමට හැකි වයස අවුරුදු 19 ක පාසල් දියණියක් අපට කෑගල්ල, මොළගොඩ ප‍්‍රදේ්ශයෙදී හමුවුනා. ඇය තම අත්තාගෙන් සිංහල හෙළ වෙදකමද මනා ලෙස ප‍්‍රගුණ කොට මිට වසර ගණනාවක සිටම දහස් සංඛ්‍යාත රෝගීන්ද සුවපත් කරන්නට බෙහෙත් ලබා දෙන්නේය. මනා ලෙස වෙදකම ප‍්‍රගුණ කල පාසල් දියණියක් ලෙස ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියක් ද උසුලයි. ඇය විසින් තමන් ජිවත් වන ප‍්‍රදේශයේ අවට නිවෙස් වලට, වෙළෙද සැල්වලට, ගෙවතු වලට පැමිණෙන විෂ සහිත උරග සතුන් අල්ලා ඔවුන්ගේ ජීවිත වලට කරදරයක් නොවන ලෙසින් කැලයට මුදා හැරිම වසර ගණනාවක් තිස්සේම සිදු කරන්නේ මේ සතුන්ට තිබෙන කරුණාව සහ සත්ව හිසංනයට කුඩා කාලයේ සිටම එතරම් කැමැත්තක් නොදක්වන නිසාය. ඇයගේ මෙම සුවිශේෂි හැකියාව ගැන ඇය හමුවි අප කතා කරමින් මේ සටහන එක් කරන්නේ ඇයගේ සේවය අපේ රටට ඉතා වැදගත් වන නිසාත් කාන්තාවක් ලෙස ඇය තුල පවතින සුවිශේෂි දක්ෂ නිර්භිතකම නොපසුබස්නා උත්සාය ගැන සමාජයට මෙන්ම සමස්ත කාන්තා පරපුරට ආදර්ශයක් ඇයගේ මේ කතාවෙන් ලබා ගැනිමට හැකි වන හෙයිනි.

ඇය නමින් කේ.පී.ඩබ්ලිව්.එච්.බි.හසන්ති භාග්‍යාය හිටිබණ්ඩාර. 19 හැවිරිදි භාග්‍යා රඹුක්කන පින්නවල ජාතික පාසලේ වානිජ විෂය හදාරන මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින සිසුවියක්ද වන අතර ඇයට එක් සහෝදරයෙක් පමණක් සිටින අතර එම පිරිමි සහෝදරයා තුන වසරේ පාසලප් අධ්‍යාපන කටයුතු සිදු කරයි. අප මේ කතාව ලියන මාර්තු 02 වැනි දින වන විට ඇය විසින් අල්ලාගෙන කැලෑවට නිදහස් කර ඇති නයි ගණන 70 කි. උග‍්‍ර විෂ සහිත අල්ලා ඇති උරග සතුන් ගණන 200 කට වැඩි ගණනකි. සමහර නිවෙස් වලට, වෙළෙඳ සැල් වලය මෙන්ම, ගෙවතු වලට පැමිණෙන නිවසියන්ට කරදරයක් වන විෂ සහ උග‍්‍ර විෂ සහිත උරගයින් අල්ලා ගෙනවිත් එම සතුන්ට කරදරයක් නොවි ජිවත් විය හැකි පරිසර පද්ධතියකට මුදා හැරිම ඇය විසින් සිදු කරන්නේ ඉතා කැමැත්තෙන්ය.

හසන්ති පවසන අන්දමට ඇය විසින් මිට වසර තුනකට ඉහතදි මෙම කටයුතු වලට වැඩි වශයෙන්ම නැඹුරු වි ඇත්තේ කුඩා කාලයේ සිට තමන්ගේ මවගේ පියා විසින් පරම්පරාවෙන් පවත්වාගෙන එන හෙළ වෙදකම තුල තමන්ට ලැබුණු දැනුම උපයෝගි කරගෙනයි. මවගේ පියාණන් වන දැනට 66 වියේ පසුවෙන ඞී.ටී. වීරසිංහ මහතා විසින් ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සර්ප වෛද්‍යවරයෙකි. සර්ප දෂ්ඨන වලට ලක් වෙන සමහර ගම්මුන් එම සතුන් අල්ලාගෙන හෝ එම සතුන් මරාගෙන වෛද්‍යවරයා හමුවට පැමිණ ප‍්‍රතිකාර ගැනිමට පුරුදු වි සිටින අතර ඔහු විසින් උග‍්‍ර විෂ සහිත සතුන්ගේ හපා කෑම් වලින් ජිවිත නැතිවිමට ගිය බොහෝ දෙනෙකුට බෙහෙත් ලබා දි සුව කර ඇත. කුඩා කල සිට මෙම වෙදකමට අසාවක් දක්වන හසන්ති විසින් මුලින්ම සමහර මිනිස්සුන් තම අත්තා හමුවට මරා ගෙන එන උරගයින් අත පත ගෑමට පුරුදු වු අතර එම කටයුතු බයක් හෝ පිළිකුලකින් තොරව සිදු කිරිමට පුරුදු විය. සමහර පණ ඇති උරග සතුන් සර්ප දෂ්ඨනයෙන් පසු එම පුද්ගලයන් විසින් අල්ලාගෙන එන අතර ඔවුන්ද දින කිහිපයක් නිවසේ තබා ගෙන සිට කැලෑවට නිදහස් කිරිමට කටයුතු කරන අතර ඒම කටයුතුද කුඩා කාලයේ සිටම මෙම දියණියට හුරු වි ඇත.

තමන්ගේ මීනිබිරියට පරම්පරාවෙන් එන හෙලවෙදකම ලබා දිමට තීරණය කල හසන්තිගේ මවගේ පියා විසින් එම වෙදකම ක‍්‍රමයෙන් හසන්තිට හුරු කරන්නටද විය. ඒ අනුව දැනට වසර ගණනාවක් තිස්සේ හසන්ති අත්තා සිටියදි පවා නිවසට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හෙත් ලබා දෙන්නේය. ඇය පාසල් ගිය අවස්ථාවන් වලදි සහ ඇය නිවසේ නොසිටි අවස්ථාවලදී පමණක් හසන්තිගේ අත්තා විසින් රෝගීන්ට බෙහෙත් ලබා දිම සිදු කර අතර හසන්ති නිවසේ සිටින විට සියලූම රෝගීන් පරික්ෂාවට ලක් කර බෙහෙත් ලබා දිම සිදු කරයි. මේ වන විට අත්තාගේ හැකියාවටත් වඩා ඒහා ගිය හැකියාව නව සොයා ගැනිම් සිදු කරමින් පර්යේෂණ කරමින් අන්තර්ජාලයෙන් පවා ඇය බොහෝ දේ ඉගෙන ගෙන එහි පරතෙරට යමින් සිටි.
අප සමග කතා කරන ලද හසන්ති මෙසේද පැවසිය.

මට හෙළ වෙදකම දැන් හොඳට පුළුවන්. ඒ නිසා ඔනෑම විෂ සහිත උග‍්‍ර විෂ සහිත උරගයෙකු වුනත් අල්ලා අතට ගැනිමට මම බය නැහැ. මීට අවුරුදු කිහිපයකට කලින් මම ඉන්න ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට උරගෙයක් ඇවිල්ලා ඉදලා ඒ සතා මම නිවසට මරණයෙක් මුදවාගෙන නිවසට ගෙන ආවා. බලපුවාම ඒ සතාගේ ඇගට පොලූ පහරක් වැදිලා තිබුණා ඒ වාගේම ඇගේ ?ස් ( කුෂ්ඨ රෝගයක් * එකක් තිබුණා මම බෙහෙත් කලා සතා අනික් සතුන්ට වඩා ලෙඩ සහිතව හිටපු නිසා සතා කෑලෑවට මුදා හරින්න කලින් ගෙදර තියාගෙන එම සතා සුවපත් කරන වැඬේ කලා. ගෙදර වෙනත් වැඩකට ගෙනාපු ලී පෙටිටයක දාලා නිවසේ ඇතුලෙම තබාගෙන ඒ බෙහෙත් කිරිම් යනආදිය කලා. නමුත් මට මේ කටයුතු වලට වසරකට වැඩි කාලයක් ගියා. මම හිතුවේ මේ උරගයා පිඹුරෙක් කියලා. නමුත් වසරකට වැඩි කාලයක් ගියාම තමයි දැන ගත්තේ මම මෙච්චර කාලයක් ඇති දැඩි කලේ පොළගෙක් කියලා.

මම සමහර උරග සතුන් ඇල්ලූවාට ඒ සතුන්ගේ නම් හරියට දන්නෙත් නැහැ. කොච්චර විෂ සහිත සතෙක්ද කියලාත් මුලින්ම දන්නේ නැහැ. හැබැයි මට කිසිම බයක් දැනෙන්නෙත් නැහැ මේ සත්තු අල්ලන්න. ඒ වාගේම මේ වෙනකම් කිසිම කරදරයක් මට වෙලත් නැහැ. මට සමහර සත්තු හදුනාගන්න බැරි නිසා මම මුලින්ම අල්ලාගෙන බෙහෙත් කරපු සතාගේ පොටෝ එකක් ෆොන් එකෙන් ගහලා ෆෙස් බුක් එකේ ගෲප් එකක් තියනවා සත්තු ගැන එකට දැම්මා එතකොට තමයි මේ සතා හදුනාගත්තේ පොළගෙක් කියලා.

මට සත්තු හදුනාගැනිමට තිබුණු උනන්දුව නිසා ෆෙස්බුක් එකෙන් අයියා ( සජිත් කුමාර * කෙනෙක් හදුනාගත්තා. එයාට අවුරුදු 20 යි. සර්පයන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉන්නේ හොරණ එයාගේ මාර්ගයෙන් උරගයන් අල්ලන විදිහ අතේ තියාගෙන ඉන්න විදිහ වාගේම ඔවුන් කැලෑවට මුදා හරින තෙක් සිදු කර යුතු බොහෝ දෑ මම ඉගෙන ගත්තේ ඒ අයියා සමග අන්තර්ජාලයේ ‘‘ වට් සැප් ’’ හරහා. මේ වන විට ඒ අයියා සර්පයන් 500 කට වැඩි ප‍්‍රමාණයක් අල්ලා ඔවුන්ගේ ජීවිත වලට අවශ්‍ය පරිසර පද්ධතියකට මං වාගේම මුදා හැරලා තිබෙනවා.

අපි දෙන්නාගේ මේ මිත‍්‍රකම නිසා ඒ අයියා අපේ ගෙදර ඇවිත් මට උරග සත්තු ඇල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රායෝගිකව කියා දීම් සිදු කලා. එයා ආපු දවසේම අපේ ගෙවල් අසල ළිඳකට වැටිලා හිටපු නයෙක් අපි බේරා ගත්තා. මට ඔහු විසින් ලබා දුන්න උරගයන් සම්බන්ධ අධ්‍යාපනයට මම ඔහුට ලබා දුන්නේ මාගේ අත්තාගේ පරම්පරා අත්වෙදකම දැන් ඔහුට ඒ වෙදකම හොඳට පුළුවන්. ඔහු විසින් ඒ වෙදකමත් එම ප‍්‍රදේශයේ කරගෙන යන්න අවශ්‍ය දැනුම ලබා දුන්නා.
මුලින් මුලින් මාගේ අම්මා, තාත්තා සර්ප සතුන් ඇල්ලීමට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මොනවා හරි කරදරයක් කරගයි කියලා නමුත් දැන් නම් ඒ අයගෙන් විශාල බලපෑමක් මට නැහැ. මාගේ අම්මා ගෘහණියක් තාත්තා යුධ හමුදාවේ සේවය කරනවා. අපේ ගෙදර අම්මාගේ පියා සහ මවත් අම්මා සහ මල්ලී මාගේ තාත්තා තමයි ඉන්නේ.

කාන්තාවක් විදිහටත් පාසල් දියණියක් විදිහටත් මේ වාගේ දේවල් කරනවාට සමාජයේ සමහර උදවිය කැමැති නැහැ. විශේෂයෙන්ම මම කාන්තාවක් වන නිසා ඊට සමහර අයගෙන් ලොකු විරෝධයකුත් තියෙනවා. සමහර පිරිස් මම උරගයින් අල්ලාගෙන ගෙදර තියාගෙන ඉන්නවා කියලා වනජීවි එකට වාගේම සත්ව හිංසන සංවිධාන වලට දුරකථන පණිවිඩ දිලා තිබුණා. ඔවුන් මාගෙන් ඇසුවා මම කිවා ඇවිත් බලන්න. මම සත්තු ඇති කරන්නේ නැහැ. මැරෙන්න ගිය පොළගා බෙහෙත් කරලා කැලෑවට දැම්මා. මට කවුරු හරි කතා කරලා නිවසට උරගෙයක් ඇවිත් අපේ වත්තේ විෂ නයි, පොළගුන් වැනි සත්තු ඉන්නවා කිවොත් මම ඒ සත්තු අල්ලාගෙන මල්ලකට දාගෙන අපේ ගෙවල් වලට කිලෝමිටර් 04 ක් විතර එපිටින් තියෙන දොඩම්ගොහේ රක්ෂිතයට මුදා හරිනවා.
ජනග‍්‍රහණය වැඩි වෙන කොට මේ සත්තුන්ට විශාල ලෙස වදවීගෙන යනවා. සමහර පුද්ගලයින් විෂ උරගයන් දැක්කාම උන් මරලා දානවා. නමුත් එක විශාල පවක්. මේ හැම සතෙක්ම අහිංසකයි ඔවුන්ට කරදයක් කරනකොට තමයි උන් අපිව හපා කන්නේ බයට. පොළගා කියන්නේ ඉක්මනින් කෙන්ති යන සතෙක් ඒ නිසා තමයි අනික් සත්තුන්ට වඩා ඒ සතාගේ හපා කෑම් වලට මිනිස්සු භාජනය වන්නේ යැයිද ඇය පවසයි.

මාගේ මාමා අසරණ වෙච්ච සතුන් රක්ෂිතයට මුදා හැරිම් කටයුතු වලදි මට උදව් කරනවා. මාත් එක්ක ත‍්‍රීවිල් එකේ ඇවිත් රක්ෂිතයට ඒ සත්තු මුදා හරින්න උදව් කරනවා. මම අනාගතයේදි මේ සත්තුන් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට යොමු විමට ඉතා කැමැතියි. ඒ වාගේම හෙලවෙදකම, පරම්පරික අත්වෙදකම තව තවත් ප‍්‍රගුණ කරන්නට කැමැතියි. හෙලවෙදකම කියන්නේ මහ බලගතු දෙයක් හරියට විෂ්ම කර්මයක් වාගේ තමයි. එහි තිබෙන සමහර කරුණු පැහැදිලි කිරිම සුදුසු නැහැ ප‍්‍රසිද්ධියට නමුත් බටහිර වෙදකමට වඩා අපේ වෙදකම ඉතා දියුණු වෙදකමක් එය තේරුම් ගෙන කටයුතු කල හොත් මේ රටේ බොහෝ දෙනෙකුට එය සුභවාදි වන බව කියන්න ඔනෑ.

මේ සියලූ දේ විස්තර කල ඇයගෙන් අපි තවත් කාරණයක් විමසුවා. මේ සතුන් ඇල්ලීමට මන්ත‍්‍ර ගුරුකම් සහ වෙනත් ක‍්‍රම උපායක් භාවිතයට ගන්නවාද යන්න ගැන ඊට හසන්ති පිළිතුරු දෙමින් මෙසේ කිවාය.

විෂඝෝර සර්පයන් ඇල්ලීමට මම කිසිදු උපකරණයක් භාවිතා කරන්නේ නැහැ. මාගේ අත්දෙකෙන්මයි අල්ලා ගන්නේ. සතාගේ හැසීරිම් මට හොඳින් තේරුම් ගත හැකියි. ඒ නිසා සතා මට මාගේ අත්දෙකේ ඔනෑම වේලාවක් තබා ගැනිමට මට එතරම් අපහසුවක් නොවෙයි. ඒ වාගේම මන්ත‍්‍ර බලෙන් සත්තු අල්ලනවා කියලා කවුරු හරි කියනවා නම් එක මට නම් පිළිගන්න බැහැ. මම හිතන්නේ එක බොරුවක් කියලායි. නිසි පුහුණුවක් තිබුණොත් එක කරන්න පුළුවන් බය නැති වෙන්නත් ඔනෑ. ඒ වාගේම ඒ සතුන් ගැන පිළිකුලක් දැනෙන්ත් බැහැ. සතා මොකාද කියලා හදුනා ගත්තේ සජිත් අයියාගේ උදව්වෙන් තමයි.

මට මේ සත්තු නිදහස් කරලා කැලෑවට නිදහස් කරන්න වනජීවි එකෙන් අවසරයක් ලැබෙනවා නම් ලොකු දෙයක්. ඒ වාගේම සත්තු වෙනුවෙන් මොනවා හරි සංවිධානයක් පටන් ගන්න මම අශාවෙන් ඉන්නේ ඒ වාගේම මිනිස්සු දැනුවත් කරන්නත් මම හරි කැමැතියි. ඒ වාගේම මම හරි කැමැතියි වනජීවි එකේ රැුකියාවක් කරන්න. ඒ සඳහා උදව් කර හැකි කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න යැයිද ඇය අප සමග පැවසිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *